තම බිරිඳගේ නව යොවුන් වියේ නැගෙණිය දූෂණය කිරීමේ වරදට නයිජීරියානු වෛද්‍ය අධ්‍යක්ෂවරයෙකු ජීවිතාන්තය දක්වා සිරදඬුවමකට ලක්ව තිබේ.
වෛද්‍ය ඔලුෆෙමි ඔලාලෙයි සිය බිරිඳට අසුවන තුරුම වසරකට අධික කාලයක් මෙම තරුණියට ලිංගික අතවර සිදුකර ඇති අතර, පසුව බිරිඳ විසින් සිද්ධිය පොලීසියට සැලකර තිබේ.
සිද්ධියට මුහුණදුන් නව යොවුන් වියේ තරුණිය පවසා තිබුණේ, මෙම අතවරය සම්බන්ධයෙන් වෙනත් අයෙකුට පැවසුවහොත් තමාව මරා දමන බවට වෛද්‍යවරයා තර්ජනය කළ බවයි.
එමෙන්ම, මෙම තරුණියට අසභ්‍ය වීඩියෝ නරඹන ලෙසටද මෙම වෛද්‍යවරයා බලපෑම් සිදුකර ඇති බවද දැන ගන්නට ලැබේ.