එක්සත් ජනපදයේ දකුණු ප්‍රදේශයේ වැඩි ප්‍රමාණයක් දැඩි උණුසුම් තාප තරංගවලට ගොදුරුවී ඇති අතර, මේ සතියේ රටේ අනෙකුත් ප්රදේශවලටද ඒවා ව්‍යාප්ත වෙමින් පවතින බව කාලගුණ අංශ පවසයි.
ඒ අනුව, රටේ මිලියන 55කට අධික ජනතාවක් දැන් තාප අනතුරු ඇඟවීම් යටතේ සිටිති.
තාප තරංග පසුගිය සතිය පුරා අනෙකුත් දකුණු ප්‍රදේශ අතර ටෙක්සාස්, ඔක්ලහෝමා සහ නිව් මෙක්සිකෝව යන ප්‍රාන්ත දවාලමින්, සර්වකාලීන වාර්තා පිහිටුවමින් වාර්තා විය.
එක්සත් ජනපද ජාතික කාලගුණ සේවයට (NWS) අනුව ජීවිතයට තර්ජනයක් වන "පීඩක" තාප ගෝලය ටෙක්සාස් ප්‍රාන්තය තුළ භයානක උණුසුමක් හා ආර්ද්‍රතාවයක් නිපදවමින් පහළ මිසිසිපි ගංගා නිම්නය දක්වා පැතිර ගොස් ඇත.
බටහිර ටෙක්සාස් හි සැන් ඇන්ජලෝ ජුනි මාසයේදී දෙවරක් ෆැරන්හයිට් අංශක 114ක් වාර්තා කළ අතර, එය මෙතෙක් වාර්තා වූ ඉහළම අගයයි. මායිම් නගරයක් වන ඩෙල් රියෝ ප්‍රථම වරට ෆැරන්හයිට් අංශක 115ක් වාර්තා විය.