පෞද්ගලික දත්තවල රහස්‍යභාවය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ෆේස්බුක් සම්බන්ධයෙන් කෙරුණු පරීක්ෂණ සමතයකට පත්කර ගැනීමට ඇ.ඩො.බිලියන 5ක දඩයක් ෆේස්බුක් සමාගමට පැනවීමට ඇමෙරිකානු නියාමකයන් තීරණය කර තිබේ.
ඇමෙරිකානු ෆෙඩරල් වෙළෙඳ කොමිසම විසින් සිදුකළ පරීක්ෂණවලදී හෙළි වී තිබුණේ, ෆේස්බුක් පරිශීලකයන්ගේ පෞද්ගලික දත්ත මිලියන 87ක් දේශපාලන උපදේශන ආයතනයක් වන කේම්බ්‍රිජ් ඇනලිටිකා විසින් අයුතු ලෙස ලබාගෙන ඇති බවයි.
ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කරන ආකාරයට මෙම සමතයකට පත්කර ගැනීම සඳහා අදාළ නියාමනය ආයතනයේ පැවති ඡන්ද විමසීම 3-2ක් ලෙස ඇ.ඩො.බිලියන 5ක දඩය සම්මත කර ඇත.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම ෆේස්බුක් සමාගම මෙන්ම, ඇමෙරිකානු ෆෙඩරල් වෙළෙඳ කොමිසමද ප්‍රතික්ෂේප කර ඇත.
මේ සම්බන්ධයෙන් වූ පරීක්ෂණ අදාළ නියාමන ආයතනය විසින් ආරම්භ කරනු ලැබුවේ වර්ෂ 2018 මාර්තු මාසයේදීය. ඒ අදාළ දේශපාලන උපදේශන ආයතනය ෆේස්බුක් පරිශීලක දත්ත මිලියන ගණනින් ලබාගෙන ඇති බවට හෙළිවීමත් සමගිනි.
ඒ අනුව, තම පරිශීලක දත්ත තෙවැනි පාර්ශ්වයක් අතට පත් නොවන බවට ඔවුන් විසින් ඇති කරගෙන තිබෙන ගිවිසුම් දැඩිව උල්ලංඝනය කර ඇති අවස්ථාවක් ලෙස ඇමෙරිකානු ෆෙඩරල් වෙළෙඳ කොමිසම මෙය නිරීක්ෂණය කර තිබේ.