දකුණු කොරියාව විසින් නිපදවූ නූරි අභ්‍යවකාශ රොකට්ටුව තාක්ෂණික දෝෂයකට ලක්වීම නිසා එහි දියත් කිරීම් අත්හිටුවීමට බලධාරීන් කටයුතු කර තිබේ.
මෙම රොකට්ටුවේ තෙවැනි දියත් කිරීම මෙය වන අතර, මෙහි පළමු දියත් කිරීමද අසාර්ථක වුවත්, පසුගිය වසරේදී එහි දෙවැනි දියත් කිරීම සාර්ථක විය.
කෙසේ වෙතත් එහි තෙවැනි දියත් කිරිමේදී චන්ද්‍රිකාවක්ද ඊට සම්බන්ධ කර තිබුණත්, පැවති තාක්ෂණික දෝෂය නිසා එය කල් දැමීමට සිදුව තිබේ.