දකුණු කොරියාවට බලපෑ අයහපත් කාලගුණය හා අධික වර්ෂාපතනය හේතුවෙන් මේ වනවිට පුද්ගල ජීවිත 35ක් අහිමිව ඇති බව විදෙස් වාර්තා පවසයි.
මේ සමගම රටපුරා විපතට පත් ප්රදේශවල ජීවත්වන දහස් ගණන් ජනයා ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
දකුණු කොරියාව මේ වනවිට මෝසම් වර්ෂා කාලයේ උච්ඡතම අවස්ථාවේ මේ වනවිට පසුවන අතර, දින තුනක් පුරා අඛණ්ඩ වර්ෂාපතනයකට ලක්විය.
මරණ අතර උමං මාර්ගයක් තුළ මෝටර් රථවල සිරවීමෙන් සිදුවූ මරණ 9ක්ද ඇතුළත් වෙයි. ගංවතුර සහ නායයෑම් තත්ත්වය සමග ඇතැම් ප්රදේශවල සම්පූර්ණ නිවාස පිටින් ජලයේ ගසාගෙන ගොස් ඇත.