යේමනයේ, සානා නුවර ආධාර මධ්‍යස්ථානයක ඇති වූ තෙරපීමකින් පුද්ගලයන් 85දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් 322දෙදෙනෙකු තුවාල ලබා තිබේ.
මෙම තෙරපුමෙන් තුවාල ලැබූවන් අතර සිටින 50දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවද සඳහන් වෙයි.
රාමදාන් අවසන් වීම සනිටුහන් කරමින් ආධාර මලු 5,000ක් ලබාදීමේ උත්සවයක් අතරතුර මෙම අවාසනාවන්ත සිදුවීම හටගෙන ඇති අතර, මෙය සංවිධානය කළ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
බලධාරීන් පෙන්වා දෙන්නේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ අනුදැනුමකින් තොරව මෙම ආධාර බෙදාදීම සිදුව ඇති බවය.