තුර්කිය සාර්ථක ලෙස කෙටි දුර බැලස්ටික් මිසයිලයක් අත්හදා බලා ඇති බව විදෙස් වාර්තා පවසයි.
උතුරුදිග රීසා පළාතේ සිට සිදුකර ඇති ටයිෆන් මිසයිලය එරට යුද ශක්තිය ප්රදර්ශනය කරන අවස්ථාවක් බව කියයි.
තුර්කිය මීට පෙරද මිසයිල අත්හදා බැලීම් සිදුකර ඇති අතර, කලාපයේ ආරක්ෂාව මෙන්ම, තුර්කියේ ආරක්ෂාව වඩා වර්ධනය කරගැනීම සඳහා සිය නව යුද ශක්තීන් තරකර ගැනීම සිදුකරන බව තුර්කිය පවසයි.