තුර්කි - සිරියා භූ කම්පනය හේතුවෙන් මේ වනවිට සිදුව ඇති මරණ සංඛ්‍යාව 36,000ක් ඉක්මවා ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
එහිදී තුර්කියේ පමණක් සිදුව ඇති මරණ සංඛ්‍යාව 31,000ක් වන අතර, එය තුර්කි ඉතිහාසයේ සිදුවූ මාරාන්තිකම භූ කම්පනයක් බවට පත්ව ඇත.
ලොවපුරා පසුගිය වසර 20ක කාලය තුළ සිදුව ඇති භූ කම්පන සලකා බැලීමේදී මාරාන්තිකම භූකම්පන අතර පස්වැනි ස්ථානයේ පසුගියදා ඇති වූ භූ කම්පනය පවතී.