ආකන්සාස්, මිසිසිපි, ඉලිනොයිස්, කෙන්ටකි, ටෙන්නසී සහ මිසුරි ඇතුළු ඇමෙරිකා එක්සත් ජනපදයේ මධ්‍යම ප්‍රාන්ත 6ක් හරහා එකම රැයකදී අවම වශයෙන් ටොනේඩෝ කුණාටු 30ක් වත් හමා යෑම නිසා මරණ සංඛ්‍යාව 100 ඉක්මවා ඇති බව වාර්තා වෙයි.
කෙන්ටකි හි ඉටිපන්දම් කම්හලක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේය.
කෙන්ටකි ආණ්ඩුකාර ඇන්ඩි බෙෂියර් පැවසුවේ, "ටොනේඩෝව පහර දෙන අවස්ථාවේ එහි (ඉටිපන්දම් කම්හලෙහි) 110ක් පමණ සිටියා. මේ සිදුවීමෙන් කෙන්ටකි මරණ සංඛ්‍යාව 50ක් ඉක්මවනු ඇති අතර, බොහෝ විට අවසානයේ සමස්ත මරණ 70 සිට 100 දක්වා අවසන් වනු ඇතැයි අප විශ්වාස කරනවා." යනුවෙනි.
මේ අතර බෙෂියර් ප්‍රදේශයේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇත. එමෙන්ම ටොනේඩෝව ආකන්සාස් හි වැඩිහිටි නිවාසයකටද පහර දුන් අතර ඉල්නෙයිස් හි ඇමසෝන් ගබඩාවක වහලය ගැලවී ගොස් ඇත.
ටෙන්නසි හි ටෘමන් ප්‍රදේශයේ තවත් සාත්තු නිවාසයක් සහ ගිනි නිවන ස්ථානයක් වෙතද සැලකිය යුතු හානියක් සිදු වී තිබේ.