ඇමෙරිකාවට ආනයනය කරන භාණ්ඩ සඳහා පැනවූ තීරු බදු ක්රියාත්මක කිරිම දින 90කට අත්හිටුවීමට ජනපති ඩොනල්ඩ් ට්රම්ප් තීරණය කර තිබේ.
කෙසේ වෙතත් චීනයට මෙම සහනය හිමි නොවන අතර ඊයේ දිනයේදී ඇමෙරිකාව විසින් චීනයෙන් කරන ආනයන වෙනුවෙන් පනවන බදු ප්රමාණය සියයට 125ක් දක්වා වැඩි කර තිබේ.
බදු ක්රියාත්මකවීම අත්හිටුවීමට ඇමෙරිකානු ජනපතිවරයා ගත් තීරණයත් සමගින් ලෝකය පුරා විශේෂයෙන්ම ආසියානු කොටස් වෙළඳපොළ යළිත් ප්රකෘතිමත් විය. ඒසේම ඇමෙරිකානු කොටස් වෙළපොළද වේගවත් පිම්මක් පැන්නේය.