ටයිටැන් සබ්මැරීනයේ සිටින පුද්ගලයන් පස් දෙනාගෙන් ළාබාල තැනැත්තා වන පාකිස්තාන ජාතික සුලේමන් ඩවූඩ් ස්කොට්ලන්තයේ, ග්ලැස්ගෝව් හි ස්ට්රැත්ස්ලයිඩ් විශ්වවිද්‍යාලයේ සිසුවෙකු බව කියයි.
එම විශ්වවිද්‍යාලය තහවුරු කර ඇත්තේ එහි ව්‍යාපාර අධ්‍යයන පාසලේ සිසුවෙකු ලෙස ඔහු සිය පළමු වසර අධ්‍යාපන කටයුතු අවසන් කර ඇති බවයි.
සුලේමාන් සහ මෙම අනතුරට ලක්ව සිටින සෙසු පුද්ගලයන් සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලය දැඩි අවධානයකින් පසුවන බව පවසා ඇති ස්ට්රැත්ස්ලයිඩ් විශ්වවිද්‍යාලය, ධනාත්මක පුවතක් ලැබෙන තුරු එම පවුල්වල පිරිස් සමග ඔවුන්ද රැඳී සිටින බව අවධාරණය කරයි.