ටයිටන් සබ්මැරීනයේ සුන්බුන් අතර තිබී මිනිස් අස්ථි කොටස් හමුවූ බවට විශ්වාස කෙරෙන බව එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය පවසයි.
මෙම සබ්මැරීනය ගැඹුරු කිමිදීමකදී ඇතුළට පුපුරා ගිය අතර, එහි සුන්බුන් කොටස් බදාදා කැනඩාවේ ශාන්ත ජෝන් හිදී ගොඩබාන ලදී.
සුන්බුන් අතර එහි ගොඩබෑමේ රාමුව සහ පසුපස ආවරණය ඇතුළු බොහෝ කොටස් සොයාගත් බව නිලධාරීහු පවසති.
එක්සත් ජනපද වෛද්‍ය වෘත්තිකයන් අනුමාන දේහ කොටස් පිළිබඳ විධිමත් විශ්ලේෂණයක් සිදු කරනු ඇති බව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
වෙරළාරක්ෂක බලකායේ සමුද්‍ර විමර්ශන මණ්ඩලය (MBI) ප්‍රධානී කපිතාන් ජේසන් නියුබවර් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, "ටයිටන් නෞකාවේ විනාශකාරී අලාභයට හේතු වූ කරුණු අවබෝධ කර ගැනීමට සහ එවැනි ඛේදවාචකයක් නැවත සිදු නොවීමට වග බලා ගැනීමට තවමත් සැලකිය යුතු වැඩ ප්‍රමාණයක් කළ යුතුව තිබෙනවා" යනුවෙනි.
උතුරු අත්ලාන්තික් සාගරයේ මීටර් 3,800 (අඩි 12,500) ගැඹුරේ පිහිටි 1912 දී මුහුදුබත් වූ සුප්‍රසිද්ධ ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීම සඳහා මිනිත්තු 90ක් පමණ කිමිදීමෙන් පසු ටයිටැන් සබ්මැරීනයේ සිටි පස්දෙනාම ජුනි 18 වැනි දින මිය ගියහ.
එහි ගමන් කරමින් සිටියේ, මෙය සංවිධානය කළ ඕෂන් ගේට් සමාගමේ ප්‍රධානියා, වන 61 හැවිරිදි රෂ්, 58 හැවිරිදි බ්‍රිතාන්‍ය ගවේෂක හමිෂ්, පාකිස්තාන ජාතික 48 හැවිරිදි ඩාවුඩ්, 19 හැවිරිදි ඔහුගේ පුත් සුලේමාන් සහ 77 හැවිරිදි ප්‍රංශ කිමිදුම්කරු පෝල් හෙන්රිය.
කෙසේ වෙතත්, මෙම සම්බැරීනයේ සුන්බුන් ගොඩගැනීමේ මෙහෙයුමේදී කිසියම් මළ සිරුරක් ගොඩගැනීමේ අපේක්ෂාව පිළිබඳව නිලධාරීන්ට මුලින් විශ්වාසයක් නොතිබුණි.