කාලගුණික විපර්යාස සාකච්ඡා පැවැත්වීම සඳහා එක්සත් ජනපද කාලගුණික කටයුතු පිළිබඳ විශේෂ ජනාධිපති නියෝජිත ජෝන් කෙරී චීනයේ බීජිං නුවර වෙත පැමිණ තිබේ.
චීනයේ අගනුවර මෑත ඉතිහාසයේ ඉතා උණුසුම්ම ගිම්හානය ගත කරමින් සිටින අතරතුර මේ ආකාරයේ ඇමෙරිකානු නියෝජිතයා චීනය වෙත ළඟාවී ඇත.
මේ ආකාරයෙන් බීජිං නගරය උණුසුම් කාලගුණික තත්ත්වයක් මීට පෙර අත්විඳ තිබුණේ වර්ෂ 1951 වසරේදීය. එවකට දින 11ක කාලයක් බිජිං අගනුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 සීමාවේ පැවතුණි.