ඇමෙරිකාවේ, ෆ්ලොරිඩා ප්රාන්තයේ වාර්ගික ප්රහාරයකින් පුද්ගලයන් තිදෙනෙකුට වෙඩි තබා මරා දැමූ පුද්ගලයා කළු ජාතිකයින් සම්බන්ධයෙන් ඔහුගේ වෛරය ගැන ලියා ඇති බව පොලීසිය පවසයි.
විසිඑක් හැවිරිදි රයන් ක්රිස්ටෝපර් නැමති මෙම තුවක්කුකරු, ජැක්සන්විල් හි සිය මෝටර් රථයේ වාඩි වී සිටි කළු ජාතික කාන්තාවකට මුලින්ම වෙඩි තබා ඇති අතර, පසුව සාප්පුවකට ඇතුළු වී තවත් පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි තබාතිබේ.
ෂෙරිෆ් ටී කේ වෝටර්ස් පැවසුවේ පසුව ඔහු සිය තුවක්කුවෙන්ම සියදිවිහානි කරගත් බවයි.