මධ්‍යම ජපානයේ නගානෝ ප්‍රාන්තයේ කාන්තාවකට පිහි ඇනුමක් සිදුකළ පුද්ගලයෙකු පිළිබඳ වාර්තා වීමෙන් පසුව පුද්ගල ඝාතන තුනක් වාර්තා වී තිබේ.
මෙම ඝාතනය සලවීමෙන් පසු සැකකරු සොයා පොලීසිය පැමිණෙන විට ඔහු දඩයම් රයිෆලයක් යොදාගෙන පොලීසියට වෙඩි ප්‍රහාර එල්ල කර ඇත.
ඒ අනුව, මියගිය අය අතර, පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් තිදෙනෙකු සිටින බව එරට මාධ්‍ය වාර්තා කියයි.
වාර්තා වන අන්දමට සිද්ධිය වූ ස්ථානය ආසන්නයේ වෙඩි හඬක් වැනි ශබ්දයක් ඇසි තිබූ අතර, මෙම වෙඩි තැබීමෙන් තවත් අයෙකු තුවාල ලබා තිබේ.