එක් මාසයක් තුළ පමණක් පැය 200ක අතිකාල වැඩ කිරීමෙන් පසුව තරුණ වෛද්‍යවරයකු සියදිවි හානි කරගැනීමේ සිද්ධිය ජපානය තුළ යළි කතාබහක් ඇතිකර තිබේ.
26 හැවිරිදි වෛද්‍යවරයකුගේ පවුලේ ඥාතීන් විසින් දිගු කලක් අධික වැඩ සංස්කෘතියෙන් පීඩා විඳි ජපානයට වෙනසක් ඉල්ලා සිටියි.
ටකාෂිමා ෂින්ගෝ පසුගිය මැයි මාසයේදී සියදිවි නසා ගන්නා විට කෝබේ නගරයේ රෝහලක නේවාසික වෛද්‍යවරයකු ලෙස සේවය කර ඇති බව සඳහන් වෙයි.
පවුලේ නීතීඥයින්ට අනුව, ටකාෂිමා ඔහුගේ මරණයට පෙර මාසයේ පැය 207කට වඩා වැඩි කාලයක් අතිකාල වැඩ කර ඇති අතර, මාස තුනක කාලයක් නිවාඩුවක් පවා නොගෙන ඇති බව කියයි.
එහිදී, අදාළ රෝහල එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබුණත්, පසුගිය ජුනි මාසයේදී රජයේ කම්කරු පරීක්ෂණ ආයතනය ඔහුගේ මරණය ඔහුගේ දිගු පැය ගණන නිසා රැකියාවට සම්බන්ධ සිදුවීමක් බවට තීන්දු කළේය.