ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ යුක්රේන සංචාරය සමග චීනයේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයා වන වැන්ග් යී රුසියානු සංචාරයකට සූදානම් වෙයි.
හිටපු විදේශ අමාත්‍ය සහ චීන ජනාධිපති ෂී ජින්පිංගේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ ඉහළම උපදේශකවරයා වන වැන්ග් යී මෙම සතියේදී මොස්කව් වෙත පැමිණීමට නියමිතව ඇත්තේ දින 8ක යුරෝපා සංචාරයේ අවසන් නැවතුම ලෙසිනි.
වැන්ග් යී සහ චීන නායකයා අතර හමුවක් පැවැත්වෙන බවට වන පුවත බැහැර නොකරන බව ක්රෙම්ලීනයද තහවුරු කර තිබේ.