ගෝලීය සුපිරි බලවතෙකු ලෙස රට නැගී සිටීමට මග පෑදූ චීන කොමියුනිස්ට් නායක ජියැන්ග් සෙමින් 96 හැවිරිදි වියේදී ජීවිතක්ෂයට පත්වූ බව ෂිංහුවා ප්රවෘත්ති ඒජන්සිය නිවේදනය කරයි.
පාලක කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ප්‍රධානියා සහ එරට හිටපු ජනාධිපතිවරයා බදාදා ෂැංහයිහිදී මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබුණේ ලියුකේමියාව සහ ඒ ආශ්රිත බහු අවයව අකර්මණ්‍ය වීම හේතුවෙනි. ඔහු දරුවන් දෙදෙනෙකුගේ පියෙකි.
1989 ටියැනන්මෙන් චතුරශ්‍ර සිදුවීම මූලික කරගෙන බටහිර රාජ්‍යයන් විසින් චීනය නොසලකා හැරීමෙන් පසු චීනය ජාත්‍යන්තර ප්‍රජාවට සාර්ථකව ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන් ජියැන්ග් බොහෝ විට ගෞරවයට පාත්‍ර වේ.
2008 දී ඔලිම්පික් උළෙල බීජිං හි පැවැත්වීමේ ලංසුව දිනාගත් ඔහුගේ කාලයේ වඩාත් වැදගත්ම සිදුවීම වූයේ, ලෝක වෙළෙඳ සංවිධානයට චීනය සම්බන්ධ කිරීමය.
දශකයක් හෝ ඊට වැඩි කාලයක් සඳහා චීනය තුළ විශාල වර්ධන වේගයට ප්‍රධාන උත්ප්‍රේරකයක් වූයේද ජියැන්ග් සෙමින් ලෙස සැලකෙයි.