චීන හර පද්ධතීන් අවතක්සේරු කරන හෝ චීන ජාතියේ හැඟීම් පළුදුකරන ආකාරයේ ඇඳුම් ආයිත්තම් එරට තුළ තහනම් කිරීම සම්බන්ධයෙන් නව නීතියක් සම්පාදනය කිරීමේ සූදානමක් පිළිබඳව වාර්තා වෙයි.
යම් ලෙසකින් මෙම නීතිය බලාත්මක වුවහොත් එවැනි ආකාරයේ ඇඳුම් ආයිත්තම්වලින් සැරසෙන්නන් වරදකරුවන් වී දඩ මුදලකට යටත්වීම හෝ සිරගත වීම පවා සිදුවිය හැකි බව කියැවෙයි.
තවමත් ක්‍රියාවට නංවා නොමැති මෙම නීතිය බලාත්මක කිරීමට එරෙහිව සමාජ මාධ්‍ය තුළ කතාබහක් ඇතිවී තිබෙන අතර, මෙය දශක කිහිපයකට පසුව එරට මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් සිදුකෙරෙන ප්‍රබල ප්රතිසංස්කරණයකි.