චීන ප්‍රධාන භූමියෙන් ඊයේ (25දා) කොවිඩ්-19 හි දේශීය වශයෙන් සම්ප්‍රේෂණය වූ කිසිදු සිද්ධියක් වාර්තා වී නොමැති බව චීන සෞඛ්‍ය කොමිසම පවසයි.
එහිදී විදේශයන්ගෙන් පැමිණි ආසාදිතයන් 67 දෙනෙකුද ඊයේ දිනයේදී චීනයේදී වාර්තා වී තිබුණු අතර, චීන ප්‍රධාන භූමියේ සමස්ත රෝගීන් සංඛ්‍යාව 81,285ක් වන අතර, මේ වනවිට සමුච්චිත මරණ සංඛ්‍යාව 3,287කි.
චීන සෞඛ්‍ය බලධාරීන් පැවසුවේ එදිනම රෝගීන් 401දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් ඇති අතර, සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 74,051ක් බවය.
මේ අතර මධ්‍යම චීනයේ හුබෙයි පළාතේ ඊයේ (25දා) වනවිට කොවිඩ්-19 හි නව ආසාදිතයන් වාර්තා වී නොතිබුණු බව පළාත් සෞඛ්‍ය කොමිසම කියයි.
කෙසේ වෙතත්, එදින පළාතේ රෝහල් තුළ ප්‍රතිකාර ලබන රෝගීන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබුණු අතර, එදිනම සුවය ලැබීමෙන් පසු රෝගීන් 391 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් ඇත.
මේ දක්වා හුබෙයි පළාතේ රෝහල්වල සිටින රෝගීන් 3,431 දෙනා අතර 1,201 ක් තවමත් බරපතල තත්ත්වයේ පසුවන බවද පළාත් සෞඛ්‍ය කොමිසම කියයි.


