මීට වසරකට පෙර රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමේ මෙහෙයුම් ඇරඹීමෙන් පසුව ප්‍රථම වරට චීන ජනාධිපතිවරයා විසින් යුක්රේන ජනාධිපතිවරයා දුරකථනය ඔස්සේ අමතා තිබේ.
එහිදී චීන ජනපති ෂී ජින්පිං පවසා ඇත්තේ, සාකච්ඡාව හා ඒ ඔස්සේ ඇති කරගන්නා එකඟතාවන් මෙම අර්බුදයෙන් ගොඩඒමට ඇති එකම විසදුම බවයි.
එහිදී චීනය කිසිදු විටෙක ඒකපාර්ශ්වීයව කටයුතු නොකරන අතර, ඇවිලෙන ගින්නට පිදුරු දමමින් කටයුතු නොකරන බවත්, ස්වාධීනව මෙම අර්බුදය විසඳීමට අවශ්‍ය පහසුකම් සලසන බවත් චීන නායකයා පවසා තිබේ.
යම් ලෙසකින් මෙම ගැටුම තවදුරටත් උත්සන්න වීමෙන් එය න්‍යෂ්ටික යුද්ධයක් දක්වා ව්‍යාප්ත වීම සිදු වුවහොත් ඉන් කිසිවෙකුට ජයග්‍රහණයක් උරුම නොවන බව පෙන්වා දුන් චීන නායකයා, සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියේ සන්සුන්ව හා ස්ථිරසාරව මීට විසඳුමක් සොයන ලෙසයි.