චීනයේ ආරක්ෂක අමාත්‍ය ලී ෂැන්ග්ෆු සිය ධුරයෙන් ඉවත් කර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
ඔහු පසුගිය මාස දෙකක පමණ කාලය තුළ ප්‍රසිද්ධියේ දැකගත නොහැකි වූ අතර, මේ වනවිට ඔහුව ධුරයෙන් නෙරපා ඇති බව සඳහන් වෙයි.
මීට අමතරව, චීන රාජ්‍ය කවුන්සිලය තුළද ඔහු දැරූ තනතුරුවලින් ඉවත් කර ඇති බවද දැන ගන්නට ලැබේ.
කෙසේ වෙතත්, මෙම ඉවත් කිරීම කවර පදනමක් මත සිදුවූයේද යන්න මෙතෙක් අනාවරණය වී නැත.