චීනය ජාත්‍යන්තර සබඳතා තුළ ප්රජාතන්ත්රවාදයේ මූලධර්මය නොසැලී ආරක්ෂා කරන බවත්, සැබෑ ප්රජාතන්ත්රවාදී ආත්මය වෙනුවෙන් පෙනී සිටින බවත් චීන රාජ්‍ය මන්ත්‍රී සහ විදේශ අමාත්‍ය වැන්ග් යී පවසයි.
චීනයේ මුද්‍රිත මාධ්‍යයක් වෙත අදහස් දක්වමින්, ජ්‍යෙෂ්ඨ චීන රාජ්‍ය තාන්ත්‍රිකයා ප්රජාතන්ත්රවාදය ඒකාකාර ආකෘතියකින් එන, මහා නිෂ්පාදනයක් නොවන බව නැවත අවධාරණය කළේය.
"මෙම ප්රශ්නය සම්බන්ධයෙන් විවිධ ප්රවේශයන් සහ ආකල්ප පවතිනවා. ඇතැමුන් එකම නිවැරදි පිළිතුර ලෙස සලකන්නේ බටහිර ප්රජාතන්ත්රවාදයයි. ඒ නිසා ඔවුන් බලහත්කාරයෙන් එය බද්ධ කර මුළු ලෝකයටම පැටවීමට උත්සාහ කරනවා. ඇතැමුන් උත්සාහ කරන්නේ එක් රටක ආදර්ශ නිර්ණායකයක් ලෙස ගනිමින්, ආතතිය අවුලුවාලීමටයි. විවිධ දේශපාලන පද්ධති සහ මතවාදයන් සහ ලෝකය තුළ බෙදීම් සහ ගැටුම් ඇති කිරීමටයි" වැන්ග් පැවසීය. "නිසැකවම, මේ කිසිවක් සැබෑ ප්රජාතන්ත්රවාදය වන්නේ නැහැ. මේවා සංකල්පය ආවරණයක් ලෙස භාවිතා කරන ව්‍යාජ ප්රජාතන්ත්රවාදයයි."
චීනයේ කොමියුනිස්ට් පක්ෂය ඔවුන්ගේ ජාතික තත්ත්වයන්ට ගැළපෙන නව ප්රජාතන්ත්රවාදයක් සොයා ගැනීමට චීන ජනතාවට නායකත්වයදී ඇති බව පැවසූ වැන්ග්, මේ සමස්ත ක්‍රියාවලිය ජනතා ප්රජාතන්ත්රවාදය බව අවධාරණය කළේය..
චීනයට තමන්ගේම ප්රජාතන්ත්රවාදය ගැන විශ්වාසයක් ඇති නමුත් එය වෙනත් රටවල ප්රජාතන්ත්රවාදයට ගරු කරන බවත් එය වෙනත් ජාතීන්ට අපනයනය නොකරන බවත් ඔහු පැවසීය.
මානව ශිෂ්ටාචාරයේ වර්ධනයේ සාධනීය ප්‍රතිඵල ඉගෙන ගැනීමට පමණක් නොව, අනෙකුත් රටවලට ප්‍රයෝජනවත් සඳහනක් සැපයීමටද රටක් ලෙස එක හා සමානව අදහස් හුවමාරු කර ගැනීමටත්, එකිනෙකාගෙන් ඉගෙන ගැනීමටත් කැමැත්තෙන් සිටින බවත් හෙතෙම සඳහන් කළේය.
බටහිරයන්ගේ උඩඟුකම සහ අගතිගාමීත්වය
එක්සත් ජනපදය සහ සමහර බටහිර රටවල් චීනය සහ තවත් සමහර සංවර්ධනය වෙමින් පවතින රටවල් ප්රජාතන්ත්ර විරෝධී ලෙස ලේබල් කිරීමට නැඹුරු වී සිටින බව පැවසූ වැන්ග්, එය වෙනත් ශිෂ්ටාචාරවලට එරෙහි බටහිර උඩඟුකම සහ අගතිගාමීත්වයේ ප්‍රතිඵලයක් බව සඳහන් කළේය.
අද ලෝකයේ පවතින අවුල්සහගත තත්ත්වයන්ට සහ විවිධ ගැටලුවලට ගැඹුරු හේතුවක් වන්නේ ජාත්‍යන්තර සබඳතාවල ප්රජාතන්ත්රවාදයේ මූලධර්මය ඒකාබද්ධව පිළිපැදීම සහ ඒවා පිළිපැදීමක් සිදු නොවීම බවත්, රටවල් අතර සබඳතා තුළ ප්රජාතන්ත්රවාදයේ ආත්මය ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කළ යුතු බවත් ඔහු පැවසීය.
රටක ස්වෛරීභාවයට ගරු කරන ලෙසත් ජාත්‍යන්තර සබඳතාවල මූලික මූලධර්ම ආරක්ෂා කරන ලෙසත් චීන රාජ්‍ය තාන්ත්‍රිකයා බටහිර රටවලින් ඉල්ලා සිටියේය.
"ස්වෛරීභාවය මත මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටීම සහ අන් අය මත ප්රජාතන්ත්රවාදී පරිවර්තනයක් පැටවීමේ ප්‍රතිඵලය ගෙනාවේ ස්ථාවරත්වය සහ සමෘද්ධිය නොව විනාශය, පුරවැසියන් අවතැන් කිරීම සහ සරණාගත අර්බුද ඇති කිරීමයි" වැන්ග් පැවසීය.
"අපි පාඩම උකහා ගත යුතු අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියේ කුලුණු භූමිකාව තරයේ තහවුරු කළ යුතුයි. ප්රජාතන්ත්රවාදය සහ මානව හිමිකම් වෙස්වලා ගනිමින් රටක ස්වෛරීභාවයට වල කැපීමට සහ එහි අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමට දරන ඕනෑම උත්සාහයකට එරෙහි විය යුතුයි" ඔහු වැඩිදුරටත් පැවසීය.
කොවිඩ්-19, අයහපත් කාලගුණය, ත්‍රස්තවාදය, ඉහළ යන උද්ධමනය සහ සැපයුම් දාම අර්බුදය වැනි ගෝලීය අභියෝගවලට මුහුණ දීමේදී සහයෝගීතාවයේ සහ එකිනෙකා සම්බන්ධවීමේ වැදගත්කම වැන්ග් අවධාරණය කළ අතර, ප්රජාතන්ත්රවාදයේ නාමයෙන් කුඩා කවයන් පිහිටුවීමට ඇතැම් රටවල් දරන උත්සාහයන් හෙළා දුටුවේය.
"එවැනි හැසිරීම් ප්රජාතන්ත්රවාදයේ සැබෑ ආත්මයට පහර දීමක් වන අතර එය කාලයේ ප්‍රවණතාවයට පටහැනියි" වැඩිදුරටත් ඔහු පැවසීය.