ඇමෙරිකාවේ සැන් ඇන්තෝනියෝ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී ගුවන් යානා එන්ජිමක් තුළට ඇදීගොස් මියගිය පුද්ගලයාගේ මරණය සියදිවි හානිකර ගැනීමක් ලෙස නම් කෙරේ.
පසුගිය සිකුරාදා ඩෙල්ටා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේදී මෙම සිදුවීම සිදුව ඇති අතර, එහිදී 27 හැවිරිදි ගුවන් තොටුපළ කොන්ත්‍රාත් සේවකයෙකු මෙලෙස යානයේ එන්ජිම අසලට ගොස් සියදිවි හානි කරගෙන තිබේ.
මුලින් මෙම සිදුවීම හදිසි අනතුරක් ලෙස ගුවන් තෙටුපළ විසින් සඳහන් කළද, සිදුකළ පරීක්ෂණයන්ගෙන් අනතුරුව මෙය සියදිවි හානිකර ගැනීමක් බව හෙළිවී ඇත.
එහිදී, තැලීම් සහ දැඩි කැපුම් තුවාල සහිතව ඔහුගේ මරණය සිදුව ඇති බව තහවුරු වී තිබේ.