ගාසා හි රෝහල්වලට අත්‍යවශ්‍ය රුධිරය ඇතුළු අත්‍යවශ්‍ය උපකරණ හිඟවීම නිසා ඒවායෙහි සිදුකරන ශල්‍යකර්ම නැවැත්වීමට සිදුවන තත්ත්වයක් උදාවී තිබේ.
රෝහල් බලධාරීන් පවසන්නේ දැවැන්ත ව්‍යසනයක් අබියස රෝහල් පද්ධතිය පවතින බවයි.
එහිදී, ගාසා වැසියන් මෙම මරණ මෙන්ම, දැවැන්ත ගුවන් ප්‍රහාරවලින් වේදනා විඳින අතරම, උන්හිටි තැන් අහිමිවීමෙන්ද ඔවුන් දැඩි පීඩාවකට පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
මේ නිසාම රෝහල් ආශ්රිත එළිමහන් තැන්වලද බොහෝ පිරිස් දැන් තමන්ගේ වාසස්ථාන තනාගෙන ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
එහිදී, ළමයින් 500කට පමණ අධ්‍යාපනය ලබාදුන් ඇතැම් පාසල්, පුද්ගලයන් 5,000කට පමණ නවාතැන් පහසුකම් සපයන සමූහ නිවාස බවට පත්ව ඇති බවද එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.