වසර දෙකකින් වාර්තා වූ අඩුම මරණ සංඛ්‍යාව මේ වනවිට ලෝකය අත්විඳිමින් සිටියද, SARS-CoV-2 වෛරසයේ අනපේක්ෂිත හැසිරීම සහ ප්‍රමාණවත් නොවන ජාතික ප්‍රතිචාර අඛණ්ඩ ගෝලීය වසංගතය උත්සන්න කිරීමට දායක විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නොම් ගෙබ්‍රයීසස් අවධාරණය කරයි.
කොරෝනා වෛරස (COVID-19) වසංගතය සම්බන්ධයෙන් ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසි (2005) (IHR) යටතේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල්වරයා විසින් කැඳවන ලද හදිසි කමිටුවේ එකොළොස්වැනි රැස්වීම 2022 අප්‍රේල් 11 වැනි සඳුදා පැවති අවස්ථාවේදී මෙම අදහස් ඉස්මතු විය. එහිදී, මෙම හදිසි කමිටුවේ සාමාජිකයන් සහ උපදේශකයන් වීඩියෝ සම්මන්ත්රණ මගින් කැඳවන ලදී.
මූලිකව අධ්යක්ෂ ජනරාල්වරයා විසින් කමිටු සාමාජිකයන් සහ උපදේශකයන් පිළිගනු ලැබීය. එසේම වසංගතයේ සම්ප්‍රේෂණය සීමා කිරීමට, ජීවිත බේරා ගැනීමට සහ සෞඛ්‍ය පද්ධති ආරක්ෂා කිරීමට ලෝකයේ මෙවලම් ඇති බව අධ්යක්ෂ ජනරාල්වරයා පැහැදිලි කළේය. දැනට පවතින වසංගත රෝග තත්ත්වය පිළිබඳව ඔහු බලාපොරොත්තු පළ කළ අතර, වසර දෙකකින් වාර්තා වූ අඩුම මරණ සංඛ්‍යාව මේ වනවිට ලෝකය අත්විඳිමින් සිටින බවද සඳහන් කළේය. කෙසේ වෙතත්, SARS-CoV-2 වෛරසයේ අනපේක්ෂිත හැසිරීම සහ ප්‍රමාණවත් නොවන ජාතික ප්‍රතිචාර අඛණ්ඩ ගෝලීය වසංගතය උත්සන්න කිරීමට දායක විය හැකි බව ඔහු පෙන්වා දුන්නේය.
දැනට අනුමත වෛද්‍ය ක්‍රම භාවිතය (එන්නත් ක්‍රියාවලිය) සහ මහජන සෞඛ්‍ය සහ සමාජ පියවර (PHSM) තවදුරටත් භාවිත කරමින් වසංගතය යළිත් හිස එසවීම වැළැක්වීම සඳහා රාජ්‍ය පාර්ශවයන්ගේ වැදගත්කම අධ්යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළේය.
එසේ වුවහොත්, 2022 දී ලෝකයට කොවිඩ්-19 හදිසි අවස්ථාව අවසන් කර අනාගත සිදුවීම් සඳහා සූදානම් වන්නේ කෙසේද යන්න පිළිබඳ ඉදිරි මාර්ග සිතියමක් සපයන යාවත්කාලීන කරන ලද උපායමාර්ගික සූදානම සහ ප්‍රතිචාර සැලැස්ම ප්‍රකාශයට පත් කිරීමට හැකිවනු ඇති බව ඔහු සඳහන් කළේය.
මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවිඩ්-19 වසංගතය පිටුදැකීමේ මාර්ගෝපදේශ යටතේ ආසාදනය වැළැක්වීමට සහ කොවිඩ්-19 සම්ප්‍රේෂණය මන්දගාමී කිරීමට මෙම ක්‍රියාමාර්ග ගන්නා ලෙස පැහැදිලිව දක්වා තිබේ.
01. ඔබට එන්නතක් ලබාගැනීමට ඇති විට එම එන්නත් ලබා ගන්න.
02. අනෙකාට අසනීපයක් නොමැති බව පෙනෙන්නට තිබුණත්, අනෙක් අයගෙන් අවම වශයෙන් මීටර 1ක්වත් දුරින් සිටින්න.
03. භෞතික දුරස්ථභාවය කළ නොහැකි විට හෝ දුර්වල වාතාශ්‍රය ඇති සැකසුම් තුළ නිසි සෞඛ්යාරක්ෂිත මුඛ ආවරණයක් පළඳින්න.
04. සංවෘත ඒවාට වඩා විවෘත, හොඳින් වාතාශ්‍රය ඇති අවකාශයන් තෝරන්න. ගෘහස්ථ නම් කවුළුවක් විවෘත කරන්න.
05. සබන් හා වතුරෙන් ඔබේ අත් නිතරම සෝදන්න හෝ ඇල්කොහොල් මත පදනම් වූ සැනිටයිසර් ආදිය යොදා පිරිසිදු කරන්න.
06. කැස්ස හෝ කිවිසුම් යන විට ඔබේ මුඛය සහ නාසය ආවරණය කරන්න.
07. ඔබට අසනීප බවක් දැනේ නම්, ඔබ සුව වන තුරු නිවසේ රැඳී සිටින්න.