ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ සංඛ්‍යාලේඛනවලට අනුව එක්සත් ජනපදයේ අවම වශයෙන් පුද්ගලයින් 18,586ක් නව කොරෝනා වෛරසයට බිලිවී තිබේ.
ජෝන්ස් හොප්කින්ස් පවසන පරිදි එක්සත් ජනපදයේ අවම වශයෙන් කොවිඩ්-19 වෛරසය ආසාදනය වූවන් 496,535ක් වාර්තා කර ඇත.
ඒ අනුව මෙතෙක් වැඩිම කොරෝනා මරණ වාර්තා වන ඉතාලියේ සඳහන් අගය වන 18,849ක් වූ මරණ අභිභවා යෑමට ඇමෙරිකාව ඉතා ආසන්නයට පැමිණ තිබේ.
මෙම එකතුවට ප්‍රාන්ත 50ම, කොලොම්බියා දිස්ත්‍රික්කයේ සහ අනෙකුත් එක්සත් ජනපද බලප්‍රදේශවල ආසාදිතයන් මෙන්ම නැවත එරටට ගෙන්වා ඇති සියලුම ආසාදිතයන්ද ඇතුළත් වේ. කොරෝනා වෛරසයෙන් මරණයක් වාර්තා නොකරන එකම ප්‍රාන්තය වන්නේ වයොමිං ය.