කුරානය සැලසුම් සහගතව ගිනි තැබීමක් සඳහා ස්වීඩනය අවසර දීම සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යාංශය ස්වීඩන් තානාපතිවරයා කැඳවා තිබේ.
ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර පිහිටි ප්‍රධාන මුස්ලිම් පල්ලියක් අසල ඊද් ආගමික වතාවත් පැවති අවස්ථාවේදී අන්තවාදියෙකු කුරානයකට ගිනි තැබීමක් සිදුකර තිබුණි.