කැනේඩියානු රජය විසින් මොඩෙර්නා හි කොවිඩ්-19 ආරක්ෂක එන්නත ලබාගැනීම සඳහා වූ සිය ඇණවුම දෙගුණයක් කරමින්, එන්නත් මාත්‍රා මිලියන 20 සිට මිලියන 40ක් දක්වා වැඩිකළ බව මොඩෙර්නා සමාගම නිවේදනය කරයි.
එම සමාගම පැවසුවේ දෙසැම්බර් මාසයේදීම එන්නත සඳහා වූ නියාමන අනුමැතිය ලබාදෙන්නේ නම් සිය එන්නත කැනඩාවට නැව්ගත කිරීම මේ මස ඉක්මනින් ආරම්භ කළ හැකි බවය.
මොඩෙර්නා මේ වනවිටත් කැනඩා සෞඛ්‍ය අංශ සමග සමාලෝචන ක්‍රියාවලිය ආරම්භ කර ඇති අතර, මෙම එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානය වෙතින් පූර්ව සුදුසුකම් (PQ) මෙන්ම, හදිසි භාවිත ලැයිස්තුගත කිරීමක් (EUL) ලබාගැනීමටද සූදානමින් සිටින බව එම සමාගම වැඩිදුරටත් පවසයි.
මෙහිදී කැනඩාව වෙත එන්නත් සැපයුම ලබාගන්නේ මොඩෙර්නා හි යුරෝපීය නිෂ්පාදන ධාරිතාවයෙන් බවද සඳහන් වෙයි.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_84ee0827a8.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_5812b03e95.jpg)