කාම්බෝජයේ නොරෝඩොම් සිහමෝනි, සිය මව වන හිටපු නොරෝඩොම් මොනින්නෙත් සිහානෞක් රැජින සමග චීනයේ බීජිං නුවර බලා පිටත්ව තිබුණේ වාර්ෂිකව සිදුවන සෞඛ්‍ය පරීක්ෂාව වෙනුවෙනි.
නොම් පෙන් ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ඔවුන් පිටත්ව යන අවස්ථාවේදී රාජකීය පවුල වෙත කාම්බෝජ අගමැති හුන් මැනට් සහ කාම්බෝජයේ චීන තානාපති වැන්ග් වෙන්ටියන්ගේ ආචාරය හිමිව තිබේ.
70 හැවිරිදි සිහමෝනි සිය රටවැසියන්ට රාජකීය පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ බීජිං වෙත සිදුකරන මෙම සංචාරය සෞඛ්‍ය පරීක්ෂාවක් සඳහා වූවක් බවයි.
"මා නොමැති කාලය තුළ, සෙනෙට් සභාවේ සභාපති විසින්, කාම්බෝජ රාජධානියේ වැඩබලන රාජ්‍ය නායකයා ලෙස කටයුතු කරනු ඇති" ඔහු සඳහන් කර තිබුණි.
රජුගේ සෞඛ්‍යය වසරකට දෙවරක් චීන වෛද්‍යවරුන් විසින් පරීක්ෂා කරනු ලබන අතර, ඔහුගේ අවසන් සංචාරය මේ වසරේ පෙබරවාරි මාසයේදී සිදුවිය.