අපට වෙන කවරදාටත් වඩා පාස්කු ඉරිදාව අවශ්‍ය බවත්, මෙය අන්ධකාරය ජයගන්නා කාලයක් බවත් සිය පාස්කු පණිවුඩය මගින් දෙවැනි එළිසබෙත් මහ රැජින පවසයි.
නව කොරෝනා වෛරසය පැතිරීම හමුවේ බලාපොරොත්තුව දිරිගැන්වීම සඳහා රැජින සිය පාස්කු පණිවිඩය භාවිතා කර ඇති අතර, "වෛරසයට අපව ජයගත නොහැකි බව" ඇය පවසා තිබේ.
වින්ඩ්සර් මාලිගය වෙතින් නිකුත් කරන ලද ලිඛිත පණිවුඩයක ඇය කියා සිටියේ පාස්කු උත්සවය "අන්ධකාරය ජය ගන්නා කාලයක්" බවයි.
"මේ වසරේ පාස්කු උත්සවය අපගෙන් බොහෝ දෙනෙකුට වෙනස්ම අත්දැකීමක් වෙලා. නමුත් වෙන්ව සිටීමෙන් අපි අන් අයව ආරක්ෂා කර තබන්නෙමු. ඒ කෙසේ වුවත් පාස්කු උත්සවය අවලංගු වන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම, අපට වෙන කවරදාටත් වඩා පාස්කු ඉරිදාව අද අවශ්‍යයි" ඇය පැවසුවාය. "පළමු පාස්කු දිනයේදී උත්ථානවූ ක්‍රිස්තුස්වහන්සේගේ සොයාගැනීම ඔහුගේ අනුගාමිකයන්ට නව බලාපොරොත්තුවක් සහ නැවුම් අරමුණක් ලබාදුන්නා. අප සැමට මෙය හදවතින්ම සිතට ගත හැකියි."
රැජින තවදුරටත් පැවසුවේ, "කොරෝනා වෛරසය අපව පරාජය නොකරන බව අප දන්නවා. මරණය අඳුරුවිය හැකි වුවත්, විශේෂයෙන් ශෝකයෙන් පෙළෙන අයට, ආලෝකය සහ ජීවිතය ඊට වඩා වැඩියි. පාස්කු බලාපොරොත්තුවේ ජීවමාන දීප්තිය, අප අනාගතයට මුහුණ දෙනවිට ස්ථාවර මඟපෙන්වීමක් වේවා." යනුවෙනි.