කංසා රාත්තල් 2.2ක් ජාවාරම් කිරීමේ චෝදනා ලැබූ සිංගප්පූරු ජාතිකයෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඉන්දියානු සම්භවයක් ඇති තංගරාජු සුප්පයියා නමැති 46 හැවිරිදි සංගප්පූරු ජාතිකයෙකුට මෙම දැඩි දඬුවම පමුණුවා ඇති බව කියයි.
විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් දැඩි නීති ක්‍රියාත්මක වන සිංගප්පූරුව තුළ එම නීති ලිහිල් කරන ලෙස මානව හිමිකම් සංවිධාන හා ක්‍රියාදරයන් ඉල්ලීම් කළද මෙතෙක් එම නීතිවල ලිහිල් කිරීමක් සිදුව නොමැත.
විශේෂයෙන්ම කංසා ලෝකයේ ඇතැම් රටවල නීතිගත තත්ත්වයක් පැවතියත්, සිංගප්පූරුව තුළ එය මරණ දඬුවම පවා හිමිවිය හැකි වෙළෙඳාමකි.
ඒ අනුව, සුප්පයියා නමැති මෙම චූදිතයා, චංගී බන්ධනාගාරය තුළදී මරණ දඬුවමට පැමිණවූ බව එම බන්ධනාගාරය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.