ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරත ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වෙත සුපිරි තරුවක පිළිගැනීමක් ලබාදීමට එරට අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් කටයුතු කර තිබේ.
වසර නවයකට පසු මෝදි සිඩ්නි නුවර සිදුකළ සංචාරය එලැඹෙන මහ මැතිවරණය සඳහා සිය ජාත්‍යන්තර සහයෝගයද තහවුරු කරගන්නා එකකි.
ක්යොඩෝස් බෑන්කින් එරීනා හිදී පැවති ජනරැළිය සඳහා ඔස්ට්‍රේලියාවේ පදිංචි ඉන්දීයානුවන් දහස් ගණනින් පැමිණ සිටි අතර, එහිදී ඔස්ට්‍රේලියානු අගමැතිවරයා ඉන්දීය අගමැතිවරයාගේ අත අල්ලා ඔසවමින් ඔහුව පිළිගනු ලැබීය.