පුහුණු අභ්‍යාසයක් අතරතුර ඔස්ට්‍රේලියාවේ ඩාවින් නගරයට උතුරින් පිහිටි මෙල්විල් දූපතට ඔස්ප්‍රේ ගුවන් යානයක් කඩා වැටීමෙන් එක්සත් ජනපද මැරීන් භටයින් තිදෙනෙකු මියගිය බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
"මෙම හෙලිකොප්ටර් යානයේ පුද්ගලයින් 23දෙනෙකු සිට ඇත. තිදෙනෙකු මියගොස් ඇති බව තහවුරු වී ඇති අතර, තවත් පස් දෙනෙකු බරපතල තත්ත්වයෙන් රාජකීය ඩාවින් රෝහලට ප්‍රවාහනය කර ඇත." එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
මෙම සිද්ධිය දේශීය වේලාවෙන් පෙරවරු 9.30 ට පමණ සිදුව ඇති අතර, අනතුරට හේතුව විමර්ශනය කරමින් පවතින බවද නිවේදනයේ සඳහන් වේ.
ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බර්නීස් වාර්තාකරුවන්ට පවසා ඇත්තේ මෙම අවාසනාවන්ත අනතුරින් පසුව, ඔස්ට්‍රේලියාව සිය එක්සත් ජනපද මිතුරන් සමඟ පූර්ණ සහයෝගයෙන් කටයුතු කරන බවයි.