ඊශ්‍රායලය බ්‍රහස්පතින්දා රාත්‍රියේ සිට සියලුම විදේශිකයින්ට ඇතුළුවීම තහනම් කිරීම ඇතුළුව එරට තුළ දැඩි සංචාරක සීමාවන් තවත් දින දහයකින් දීර්ඝ කිරීමට කටයුතු කර තිබේ.
වත්මන් අවශ්‍යතා යටතේ, විදේශයන්හි සිට ආපසු පැමිණෙන සියලුම ඊශ්‍රායල ජාතිකයින් ඍණාත්මක කොරෝනා වෛරස PCR පරීක්ෂණ ප්‍රතිඵලයක් තහවුරු කරන තුරු ස්වයං නිරෝධායනය කළ යුතු වෙයි.
එමෙන්ම ඉහළ අවදානම් සහිත රටවලින් පැමිණෙන අය සෘණාත්මක PCR පරීක්ෂණ ප්‍රතිඵලයක් ලැබෙන තුරු රාජ්‍ය පාලනය යටතේ පවතින නිරෝධායන හෝටලයක හුදකලා විය යුතුය.
ඊශ්‍රායලය විසින් දකුණු අප්‍රිකාවේ ප්‍රථම වරට අනාවරණය කරගත් ඔමික්‍රෝන් ප්‍රභේදයේ ආසාදිතයන් අවම වශයෙන් 21දෙනෙකු හඳුනාගෙන තිබේ.