නව කොරෝනා වෛරස් ප්‍රභේදය වන ඔමික්‍රෝන් පෙර නොවූ විරූ වේගයකින් ව්‍යාප්ත වෙමින් පවතින අතර, එය දැනටමත් ලොව පුරා බොහෝ රටවල් වෙත ව්‍යාප්ත වී ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අඟහරුවාදා අනතුරු ඇඟවයි.
"රටවල් 77ක් දැන් ඔමික්‍රෝන් රෝගීන් වාර්තා කර තිබෙනවා. යථාර්ථය නම් තවමත් අනාවරණය නොවූවද, ඔමික්‍රෝන් තවත් බොහෝ රටවල ඇති බවයි." WHO ප්‍රධානී ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රයේසුස් වාර්තාකරුවන්ට පැවසීය. "ඒ වගේම ඔමික්‍රෝන් ශීඝ්‍රයෙන් පැතිරෙමින් පවතිනවා. පෙර කිසිදු ප්‍රභේදයක් මෙතරම් වේගයෙන් පැතිර යන ආකාරය අප දැක නැහැ."