කොවිඩ්-19 හි නව ඔමික්‍රෝන් ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදය සිදුකළාක් මෙන්ම, ගෝලීය ආර්ථික ප්‍රකෘතිය මන්දගාමී කළ හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ප්‍රධානී ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා පවසයි.
"ඉතා වේගයෙන් පැතිර යා හැකි නව ප්‍රභේදයක් ආර්ථිකය පිළිබඳ විශ්වාසය බිඳ දැමිය හැකියි. මෙය ගෝලීය ආර්ථික වර්ධනය සඳහා අපගේ ඔක්තෝබර් මස පුරෝකථනවල යම් පහත වැටීමක් පෙන්නුම් කිරීමට හේතු වනු ඇති" ඇය සඳහන් කළාය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෑතකාලීන ලෝක ආර්ථික ඉදිරි දැක්මේ දී, මේ වසරේ ගෝලීය වර්ධනය 5.9%ක් සහ 2022 දී 4.9%ක් වනු ඇතැයි පුරෝකථනය කර ඇත. නමුත් ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තියෙන් පසු එක්සත් ජනපදය සහ අනෙකුත් ප්‍රධාන ආර්ථිකයන් තියුණු ලෙස පහළ යෑමෙන් සංශෝධනයක් සිදුවිය.
"මේ නව ප්‍රභේදය පැමිණීමට පෙර පවා, ප්‍රකෘතිමත් වීම තරමක් මන්දගාමීව සිදුවීම ගැන අප කනස්සල්ලට පත්ව සිටියා" ප්‍රතිපත්ති සම්පාදකයින් දැන් උද්ධමනය වැනි නව ගැටලු සමග කටයුතු කරන බව සඳහන් කරමින් IMF ප්‍රධානියා පැවසීය.
IMF හි වඩාත්ම මෑත පුරෝකථනයන් ගෝලීය සැපයුම් දාම ගැටලු සහ එන්නත් අසමාන ලෙස බෙදා හැරීම තුළින් ප්‍රකෘතිමත්වීම මන්දගාමී වන ඇති බවත්, සමහර රටවල් පසුපසට යාමට හේතු වන බවටත් කනස්සල්ල මතු කළේය.