තුර්කි ජනාධිපති රිසෙප් ටයීප් එර්ඩෝගන් එරට ජනාධිපතිවරණය යළිත් ජයග්රහණය කරමින් සිය ප්රතිවාදී තරඟකරු කෙමාල් කිලික්ඩරෝගුල් පරාජය පරාජය කර තිබේ.
මෙම මැතිවරණය 'ප්රජාතන්ත්රවාදී උත්සවයක්' ලෙස හඳුන්වමින්, එර්ඩෝගන් තම ඡන්දය ප්රකාශ කිරීම සම්බන්ධයෙන් 'රටේ සෑම පුරවැසියෙකු වෙතම' ස්තූති කළේය.
ඉරිදා රාත්රියේ ඉස්තාන්බුල්හි ආධාරකරුවන් පිරිසක් අමතමින් එර්ඩෝගන් පැවසුවේ, "අපේ ජනතාවගේ ප්රසාදය ඇතිව අපි ජනාධිපතිවරණයේ දෙවැනි වටය ජයග්රහණය කර තිබෙනවා. ඉදිරි අවුරුදු පහ අපි රට පාලනය කරනවා. දෙවියන්ගේ කැමැත්ත අනුව අපි පසුගිය වසර 21 තුළ මෙන්ම, ඔබේ විශ්වාසයට සුදුස්සන් වී සිටිනවා." යනුවෙනි.
එර්ඩෝගන් 2003 දී අගමැති ලෙස තේරී පත් වූ දා සිට තුර්කි දේශපාලනයේ තනි ප්රමුඛ චරිතයක් වී ඇත. 2014 සිට අඛණ්ඩව වාර තුනක් අගමැති ලෙසත්, වාර දෙකක් ජනාධිපති ලෙස පත් වූ අතර, දැන් තුන්වැනි වාරයක් ආරම්භ කිරීමට සූදානමින් සිටී.