මෑත කාලයේ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් සම්බන්ධ කර ගැනීමට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා උත්සාහ කළ බවට ඇන්ටෝනියෝ ගුටරෙස්ගේ ප්‍රකාශක ස්ටෙෆාන් ඩුජාරික් සිදුකළ ප්‍රකාශය බොරුවක් බව රුසියාව කියයි.
මොස්කව්හි විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක මාරියා සකාරෝවා සිය ටෙලිග්‍රාම් නාලිකාවේ සටහනක් ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ, යුක්රේනයට එරෙහි ක්‍රෙම්ලීනයේ හමුදා මෙහෙයුම් ආරම්භයේ සිට ගුටරෙස්ගේ පාර්ශ්වයෙන් සනින්වේදනය සඳහා කිසිදු උත්සාහයක් නොගත් බවයි.
"එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා රුසියානු ජනාධිපතිවරයා සමඟ සම්බන්ධ වීමට උත්සාහ කර නැහැ. "සකාරෝවා අවධාරණය කළාය. "එක්සත් ජාතීන්ගේ සංවිධානයට රුසියාවේ ස්ථිර මෙහෙවරට හෝ සෘජුවම විදේශ අමාත්‍යාංශයට කිසිවෙකු එවැනි ඇමතුමක් හෝ ප්‍රකාශයක් සිදුකර නැහැ" යනුවෙන් ඇය වැඩිදුරටත් පැවසුවාය.
යථාර්ථයට ආපසු යන ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම් කාර්යාලයේ නියෝජිතයන්ගෙන් සකාරෝවා වැඩිදුරටත් ඉල්ලා සිටියාය.