එංගලන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි මහාචාර්ය ක්‍රිස් විට්ටි කොවිඩ්-19 වෛරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති නිසා නිවසේදී ස්වයං නිරෝධායනයකට යොමුව තිබේ.
මේ පිළිබඳ ට්විටර් පණිවුඩයක් නිකුත් කළ ඔහු පවසා සිටියේ, "ඊයේ රාත්‍රියේ කොවිඩ්-19 වෛරසය හා සම්බන්ධ මෘදු රෝග ලක්ෂණ පෙන්වීමෙන් පසුව, මට ලැබුණු උපදෙස් අනුව ඉදිරි දින හත සඳහා මම නිවසේදී ස්වයං නිරෝධායනයකට යොමුවෙනවා. කෙසේ වෙතත් කොරෝනා වෛරසය පිටුදැකීම සඳහා වන වෛද්‍ය ප්‍රතිචාරය පිළිබඳව මම රජයට දිගටම උපදෙස් දෙනවා." යනුවෙනි.
මහාචාර්ය ක්‍රිස් විට්ටි එංගලන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී, එක්සත් රාජධානියේ රජයේ ප්‍රධාන වෛද්‍ය උපදේශක, සෞඛ්‍ය හා සමාජ සත්කාර දෙපාර්තමේන්තුවේ ප්‍රධාන විද්‍යාත්මක උපදේශක සහ ජාතික සෞඛ්‍ය ආයතනයේ ප්‍රධානීයාද වෙයි.