කොරියානු ප්රජාතන්ත්රවාදී මහජන සමූහාණ්ඩුව හෙවත් උතුරු කොරියාව විසින් නව ආකාරයේ උපක්රමික නියෙමු ආයුධ අත්හදා බැලීමක් සිදුකර ඇති අතර එය එරට නායක කිම් ජොන් උන් විසින් නිරීක්ෂණය කරන ලද බව කොරියානු මධ්‍යම ප්රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.
නව වර්ගයේ උපක්රමික නියෙමු ආයුධ ඉදිරිපෙළ දිගුදුර කාලතුවක්කු ඒකකවල වෙඩි බලය දැඩි ලෙස වැඩිදියුණු කිරීමට සහ උපක්රමික න්‍යෂ්ටික මෙහෙයුම්වල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ඉතා වැදගත් වන බව එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, මෙම පරීක්ෂණය කවදා කොතැන සිදුකළේද යන්න සඳහන් නොකරමිනි.
පරීක්ෂණය සාර්ථක බව එහි සඳහන් විය. කිම් විසින් හමුදා පර්යේෂණ කණ්ඩායමකට "ආරක්ෂක හැකියාවන් සහ න්‍යෂ්ටික සටන් බලකායන් තවදුරටත් ගොඩනැගීම සඳහා වැදගත් උපදෙස්" ලබාදුන් බව වාර්තාව වැඩිදුරටත් සඳහන් කළේය.
කොරියානු ජනරජයේ හමුදාව ඉරිදා ප්‍රකාශ කළේ උතුරු කොරියාව සෙනසුරාදා එහි නැගෙනහිර වෙරළට ඔබ්බෙන් මුහුද දෙසට මිසයිල ආකාරයේ ප්‍රහාර දෙකක් එල්ල කළ බව තහවුරු කළේය.