ඉන්දුනීසියාවේ ප්‍රධාන දූපත වන ජාවා හි ඇති වූ රික්ටර් පරිමාණ 5.6ක භූමිකම්පාවෙන් පුද්ගලයින් 50කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවට බලධාරීන් අනතුරු අඟවයි.
බටහිර ජාවා ආණ්ඩුකාර රිඩ්වාන් කමිල් විසින් භූමිකම්පාවෙන් මරණ 56ක් තහවුරු කරන ලද අතර, භූ කම්පනයේ අපිකේන්ද්‍රය වූයේ ජකර්තා අගනුවරට කිලෝමීටර් 75 (සැතපුම් 45) පමණ ගිනිකොන දෙසින් පිහිටි සියන්ජුර් නගරයයි.
මෙම භූ කම්පනයෙන් 700ක් පමණ තුවාල ලබා ඇති අතර, නිවාස, ගොඩනැගිලි සහ යටිතල පහසුකම් සිය ගණනකටද දැඩි හානි සිදුව තිබේ. ජකර්තා වේලාවෙන් පස්වරු 01:21ට භූමිකම්පාව ඇතිවී තිබුණි.