ලෝකයේ ඉහළම ආර්ථික වර්ධනයක් වාර්තා කරන රටක් ලෙස ඉන්දියාව පෙරමුණේ පසුවුවත් එරට ආර්ථිකයද කාල බෝම්බයක ස්වරූපයක් ගෙන ඇති බවට විශ්වාසය පළ කෙරේ.
ලෝකයේ වැඩිම ජනගහනයක් සිටින රට ලෙස මෙන්ම, චීනයට මෙන් නොව තරුණ ජනගහනයක් සිටින රට ලෙස ඉන්දියාවට වැඩි අවස්ථාවක් තිබුණත් එහි අසුබවාදී පසුබිමක්ද විග්රහ වී තිබේ.
එනම්, ඉන්දියාවේ මෙම වේගවත් සංවර්ධනය පසුපස ඇති කාලබෝම්බය වන්නේ රැකියා උත්පාදනය අඩුවීම සහ රැකියාවක් ලබාගැනීම සඳහා අධික තරගයක් පැවතීමයි.