ඉන්දියාවේ නවදිල්ලි නුවර හින්දු ආගමික පෙරහරක් අතරතුර ඇති වූ වාර්ගික ප්රචණ්ඩත්වය හේතුවෙන් පුද්ගලයන් 14දෙනෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වයඹදිග නවදිල්ලියේ අසල්වැසි ප්‍රදේශයක් වන ජහන්ගීර්පූරි හි හින්දු සහ මුස්ලිම් කණ්ඩායම් හින්දු දෙවියෙකු වන හනුමාන්ගේ උපත සැමරීමේ ආගමික පෙරහරක් අතරතුර එකිනෙකාට ගල් ගසා ගත් බව ඉන්දීය බලධාරීහු පවසති.
එය මෑත සතිවල රට පුරා ආගමික පෙරහරවලදී බහුතර හින්දු සහ සුළුතර මුස්ලිම් ප්‍රජාවන් අතර ආගමික ගැටුම් පිළිබඳ සමාන වාර්තා අනුව යමින් සිදුවූවකි.
පොලිස් නිලධාරීන් 08දෙනෙකු ඇතුළු අවම වශයෙන් පුද්ගලයන් 09දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් ප්‍රාදේශීය මාධ්‍ය වෙත පැවසීය.
බි්රතාන්ය පාලනයෙන් පසුව ඉන්දියාව පුරා වාර්ගික ගැටුම් හටගෙන ඇතත්, නිරීක්ෂකයන් පවසන්නේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ රජය යටතේ ආගමික බෙදීම් ඉහළ ගොස් ඇති බවයි.