උතුරු ඉතාලියේ මැගියෝර් විලෙහි සංචාරක බෝට්ටුවක් පෙරලීමෙන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, ඔවුන්ගේ සිරුරු ගොඩ ගැනීමට කටයුතු කළ බවත් බලධාරීන් පවසයි.
දේශීය වේලාවෙන් පෙරවරු 8.00ට අවසන් මෘත දේහය සොයා ගැනීමෙන් පසු සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් අවසන් කර ඇති බව ගිනි නිවන සේවය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.
වින්දිතයින් අතර ඉතාලි ජාතිකයින් දෙදෙනෙකු, ඊශ්‍රායල ජාතිකයෙකු සහ එක් රුසියානු ජාතිකයෙකු වන බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළ අතර, අනතුරට ලක්ව ඇත්තේ පිරිමි දෙදෙනෙක් සහ කාන්තාවන් දෙදෙනෙක් බවද සඳහන් කරයි.
මීටර් 16ක් (අඩි 52ක්) දිගැති මෙම කුඩා යාත්‍රාව පුද්ගලයන් 24දෙනෙකු රැගෙන යමින් සිට ඇති අතර එය අයහපත් කාලගුණය නිසා පෙරදා රාත්‍රියේ පෙරලී ගොස් තිබේ.
මෙම යාත්‍රාවේ බ්‍රිතාන්‍ය මගීන් ඇතුළුව සංචාරකයින් 22 ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු එහි සිට ඇති අතර, සෙසු පිරිස නිරුපද්‍රිතව බේරාගැනීමට හැකිවී තිබේ.