ඉතාලියේ අගමැති මාරියෝ ඩ්රාගි කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්ෂා කර ඇති බව රජය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.
74 හැවිරිදි ඩ්රාගි, සම්පූර්ණයෙන්ම එන්නත් කර ඇති අතර, ප්‍රකාශයට අනුව රෝග ලක්ෂණ නොමැති ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ.
කෙසේ වෙතත් මෙම ආසාදිත තත්ත්වයත් සමග එලැඹෙන අප්‍රේල් 20-21 දක්වා ඇන්ගෝලා සහ කොංගෝ ජනරජයට සැලසුම් කළ සංචාරයක් ඇතුළුව ඔහුගේ කාලසටහන වෙනස් කර ඇත.
ඒ අනුව, මෙම සංචාරය සඳහා ඩ්රාගි වෙනුවට විදේශ අමාත්‍ය ලුයිජි ඩි මයෝ සහ පාරිසරික අමාත්‍ය රොබර්ටෝ සින්ගොලානි පත් කෙරෙනු ඇති බව එම නිවේදනයේ දැක්වේ.
ඩ්‍රාගිගේ ධනාත්මක පරීක්ෂණය පැමිණෙන්නේ මාර්තු මස මුල සිට මෑත කාලීන අවම අගයන්ට සාපේක්ෂව ඉතාලියේ කොරෝනා වෛරසයේ ආසාදන අනුපාතයන් ඉහළ යමින් පවතින අවස්ථාවකය.
කෙසේ වෙතත්, එරට තුළ ඉහළ එන්නත් අනුපාතයක් පැවතීම නිසා මරණ සහ රෝහල්ගත වීමේ අනුපාත අඩු මට්ටමක පවතී.
පසුගිය ඉරිදා සිට නවතම දත්තවලට අනුව, ජාතික වශයෙන් නව ආසාදන 52,000කට ආසන්න ප්‍රමාණයක් පෙන්නුම් කර ඇති අතර, එය අඛණ්ඩව හයවැනි දිනටත් නව රෝගීන් 50,000කට වඩා වැඩි තත්ත්වයකි.