රුසියානු බලගතු සමාජ විද්‍යාඥ ඇලෙක්සැන්ඩර් ඩුගින්ගේ දියණිය වන දර්යා ඩුගින්, මොස්කව් කලාපයේ බොල්ෂියේ වයිස්යොමි ගම්මානය අසල කාර් බෝම්බ පිපිරීමකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඇය සිටි මෝටර් රථය ඇගේ පියාගේ බව වාර්තාවේ සඳහන් වෙයි. ඒ අනුව, ඇතැම් මාධ්‍ය අනුමාන කර ඇත්තේ ඔහු අපේක්ෂිත ඉලක්කය වන්නට ඇති බවය.

