ලොව පුරා පැතිර ගිය නව කොරෝනා (කොවිඩ්-19) වෛරසයෙන් දැඩි බලපෑමකට නතුව සිටින රාජ්‍ය ලෙස ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 20ක් ඉක්මවා ගොස් තිබේ.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්තවලට අනුව අද (11දා) උදෑසන එරට ආසාදිත අගය 2,000,464ක් බවට පත්ව ඇත.
එසේම ඇමෙරිකාවෙන් වාර්තා වන කොවිඩ්-19 ආශ්රිත මරණ සංඛ්‍යාවද 113,000 සීමාව කරා පැමිණ ඇති අතර, අද උදෑසන දත්තවලට අනුව එම අගය දැක්වුණේ 112,924ක් ලෙසිනි.
ඇමෙරිකාවේ මරණවලින් වැඩිම වාර්තාවීම නිව්යෝක් ප්‍රාන්තයෙන් වන අතර, එම අගය මරණ 30,542කි. එමෙන්ම නිව්ජර්සි ප්‍රාන්තයෙන් මරණ 12,377ක් සහ මැසචුසෙට්ස් ප්‍රාන්තයෙන් මරණ 7,454ක් වාර්තා වෙයි.
ඇමෙරිකාවේ වෛරසය ආසාදිතව මේ වනවිට සුවය ලබා ඇති පිරිස දැක්වුණේ 533,504ක් ලෙසිනි. පසුගිය දිනවල ඇමෙරිකාව පුරා පැවති බ්ලැක් ලයිව්ස් මැටර් විරෝධතා හේතුවෙන් ප්‍රාන්ත කිහිපයකම ආසාදිතයන්ගේ වැඩිවීමක් වාර්තා වන බව එරට සෞඛ්‍ය බලධාරීන් පවසයි.