ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ඇ.ඩො.මිලියන 345ක් වටිනා ආයුද, පතොරම් සහ සේවා තායිවානය වෙත සපයන බව ජෝ බයිඩන් ජනාධිපතිවරයා සහතික වී තිබේ.
මෙම යුද ආධාර එකතුවට රැප්ටර් ඩ්‍රෝන යානාද පවතින බව මාධ්‍ය විසින් කලින් සඳහන් කර තිබුණත්, ජනාධිපතිවරයාගේ නිල ප්‍රකාශයේ එවැන්නක් නොතිබූ බව කියැවෙයි.
කෙසේ වෙතත්, ඇමෙරිකාවේ මෙම ක්‍රියාදාමය චීනයේ නොරිස්සුමට හේතු වී ඇති අතර, එය කලාපයේ ආරක්ෂාවට අනවශ්‍ය අතපෙවීමක් බව චීනය වරින් වර චෝදනා නඟා තිබේ.