ඇමෙරිකා එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ යුනෙස්කෝ සංවිධානය සමග නිල වශයෙන් එකතු වීම සිදුව තිබේ.
එරට හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් විසින් යුනෙස්කෝ සංවිධානයෙන් ඇමෙරිකාව ඉවත්කර ගැනීමත් සමග එම කාලය තුළ චීනය මෙම සංවිධානයේ ප්රධාන භූමිකාව මෙහෙයවීය.
කෙසේ වෙතත්, ඇමෙරිකාවේ වත්මන් බයිඩන් ජනාධිපතිවරයා යටතේ මෙසේ යළිත් යුනෙස්කෝ සංවිධානය සමග එක්වීමට ඇමෙරිකාව තීරණය කර ඇත.
එහිදී, බයිඩන් පරිපාලනය වෙත අවසරය ලබාදීම සඳහා යුනෙස්කෝවේ පාලක මණ්ඩලය විසින් ඡන්දය විමසීමක්ද සිදුකර ඇත.